බණ්ඩාරගම, මස්විල ප්‍රදේශයේ අසල්වැසි නිවසක සුරතලයට ඇති කළ බැළලියකට තියුණු ආයුධයකින් පහර දී මරාදැමීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පාසල් සිසුවකු අද(23) පොලිසියට බාරවීමෙන් පසු අත්අඩංගුවට ගත් බව බණ්ඩාරගම පොලිසිය පවසයි.

බණ්ඩාරගම පොලිසිය සැකකාර පාසල් සිසුවාට පොලිසියට පැමිණෙන්නැයි දැනුම් දුන්නද ඔහු සිය දෙමව්පියන් සමඟ ප්‍රදේශය හැරගොස් තිබූ බවත් පසුව අද පැමිණ පොලිසියට බාර වූ බව පොලිස් නිලධාරියෙක් පැවසීය.

සැකකාර  සිසුවාගේ නිවසට බැළලිය පැමිණීම සම්බන්ධයෙන් මෙම පහරදීම සිදුකරන්නට ඇතැයි බැළලිය ඇති කළ අසල්වැසි කාන්තාව පොලිසියට කළ පැමිණිල්ලේ සදහන් වේ.

තුවාල ලද බැළලිය සිසුවාගේ නිවස ආසන්න මාර්ගයේ දමා ගොස් ඇති බවද, අසල්වැසි කාන්තාව එහි යනවිටද බැළලිය මියගොස් ඇතැයිද පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන්ව ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here