සංචරණ සීමා ලිහිල් කිරීමට සමගාමීව අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යාම සඳහා පළාත් අතර නව දුම්රිය වාර 14ක් ධාවනය කිරීමට ශ්‍රී ලංකා දුම්රිය සේවය පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව කොළඹ කොටුව සිට මහනුවර, රඹුක්කන, මහව, හලාවත, මෙන්ම මරදාන සිට බෙලිඅත්ත, ගාල්ල දක්වා සහ එම ගමනාන්තයන් වල සිට කොළඹ කොටුවට සහ මරදානට දුම්රිය ධාවනයට සැලසුම් කර තිබෙනවා.

ප්‍රධාන මාර්ගයේ දුම්රිය ගමන්වාර 42ක්, උතුරු මාර්ගයේ 02ක්, මුහුදුබඩ මාර්ගයේ ගමන්වාර 44ක්, පුත්තලම මාර්ගයේ 14ක් සහ කැළණිවැලි මාර්ගයේ 10ක් වශයෙන් දිනකට දුම්රිය ගමන්වාර 112ක් සිදු කිරීමට නියමිතයි.

ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගමගේ උපදෙස් මත අද සිට මෙම නව දුම්රිය ධාවනයට එක් කෙරෙනු ඇති.

 

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here