දිවයිනේ නිරිතදිග කොටසේ දැනට පවතින වැසි තත්ත්වය නිරිතදිග මෝසම් කාලගුණ තත්ත්වයන් දිවයින හරහා ස්ථාපිතව ඇති බැවින්  ඉදිරි දින කිහිපයේදීත් වැසි පවතිනු ඇතැයි අපේ්ක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, බස්නාහිර, වයඹ, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ති‍්‍රක්කවලත් විටින් විට ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි.

දිවයින හරහා, විශේෂයෙන් මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම් ප‍්‍රදේශවලත් උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොට දිස්ති‍්‍රක්කයේත් සුළගේ වේගය පැයට කිලෝමීටර් 40 ත් 50 ත් අතර දක්වා ඉහළ යා හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here