බෙයිජිං ශීත සෘතු ඔලිම්පික් උළෙල හා ආබාධිත ඔලිම්පික් උළෙල සරල, සුරක්ෂිත හා අසිරිමත් ලෙස පැවැත්වීමට චීනය සූදානම්
බෙයිජිං ශීත සෘතු ඔලිම්පික් උළෙල හා ආබාධිත ඔලිම්පික් උළෙල සරල, සුරක්ෂිත හා  අසිරිමත් උළෙලක් ලෙස පවත්වනු ඇතැයි චීනය කියයි. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 47 වන රැස්වීම මෙන්ම, “ක්‍රීඩා හා ඔලිම්පික් චින්තනය මගින් තරුණයන්ගේ මානව හිමිකම දියුණු කිරීම” යන තේමාව සහිත සාකච්ඡාව ඊයේ (7) පැවැත්විණ. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ජිනිවා කාර්යාලයේ චීන නිත්‍ය නියෝජිත Chen Xu මහතා එහිදී මේ බව සඳහන් කළේය. නව කොරොනා වසංගතය තවමත් ලෝ පුරා පැතිර යමින් පවතී. දේශසීමා නොමැති ඔලිම්පික් චින්තනය ඒ ඒ රටවල් එකමුතුව ගෝලීය තර්ජනයන්ට මුහුණ දීම සඳහා දිරිමත් කරනු ඇත.2022 වසරේ බෙයිජිං සීත සෘතු ඔලිම්පික් උළෙල හා ආබාධිත ඔලිම්පික් උළෙල ජගත් ප්‍රජාවේ ඉතා වැදගත් උත්සවයක් මෙන්ම ඒ ඒ රටවල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සාධාරණව තරඟ කිරීමේ වේදිකාවක් බව හෙතෙම පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here