මෙවර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සඳහා අයදුම්කරුවන් තුන්ලක්ෂ 31 දහස් 694 දෙනෙකු දිවයින පුරා මධ්‍යස්ථාන 2936 කදී ලබන ඔක්තෝබර් 11 වනදා විභාගයට  පෙනී සිටීමට නියමිත බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

උසස් පෙළ විභාගය ඔක්තෝබර් මස 12 වෙනිදා සිට නොවැම්බර් මස 06 වෙනි දින දක්වා පැවැත්වෙනවා.මධ්‍යස්ථාන 2648 කදී එය පැවැත්වෙන අතර පැරණි සහ නව විශය නිර්දේශ යටතේ අයදුම්කරුවන් තුන්ලක්ෂ හැටදෙදහස් 824 ක් පෙනී සිටීමට නියමිත බවයි ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කලේ.

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සදහා සම්බන්ධීකරණ මධ්‍යස්ථාන 496 ක්ද / උසස් පෙළ විභාගය සදහා සම්බන්ධීකරණ මධ්‍යස්ථාන 316 ක්ද මෙවර පිහිටුවා තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here