Friday, April 19, 2024
HomeOtherවරායේ ස්කෑනින් ගැටලුවට ජොන්ස්ටන්ගෙන් ප්‍රතිචාර

වරායේ ස්කෑනින් ගැටලුවට ජොන්ස්ටන්ගෙන් ප්‍රතිචාර

බාධාවක් තදබදයක් නොවන විදිහටත් නියමිත ආදායමක් එන ලෙසත් ස්කෑනින් කටයුතු කළ යුතුයි.

වරායට බාධාවක් තදබදයක් නොවන විදිහටත් නියමිත ආදායමක් එන ලෙසත් ස්කෑනින් කටයුතු කළ යුතු බවත් එලෙස විධිමත්ව ස්කෑන් පරීක්ෂාව සිදු කරන්නේ කෙසේද යන්න සොයා බැලිමට වරායේ බලධාරීන්ට තමා උපදෙස් දුන් බවත් වරාය හා නාවික කටයුතු සහ මාර්ග හා මහාමාර්ග සංවර්ධන අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා කොළඹ වරාය දිවා සුරැකුම් මධ්‍යස්ථානයේ වාර්ෂික විවධ ප්‍ර‍සංගයට එක්වීමෙන්  මෙලෙස සඳහන් කළේය.

“වරායේ ස්කෑනින් ප්‍ර‍ශ්නය ආවා. විශාල තදබදයක් තිබුණ නිසා තමයි මම ගිහින් බැලුවෙ. ස්කෑනින් කරන එක හොඳයි. ස්කෑනින් කරන්න ඕනැ. හැබැයි ඒකට විධිමත් ක්‍ර‍මවේදයක් තියෙනවා. එහෙම ප්‍ර‍මිතියෙන් යුතු වරායවල්වල තදබදයක් තියෙන්න බෑ. කන්ටේනර් සිය ගාණක් පෝලිමේ. වරායේ දෛනික කටයුතු වලට බාධාවක් නොවෙන හැටියට ස්කෑන් කරන්න පුළුවන් නම් තමයි වඩාත්ම හොඳ.

අද වරායේ ස්කෑනින් යන්ත්‍ර‍ පිළිබදව සිද්ධියේදී මට විශාල වශයෙන් ඇතැමුන් මඩ ප්‍ර‍හාර එල්ල කරනවා. මම ඒවා සතපහකට ගණන් ගන්නේ නෑ. මොකද මම හරි දේ කරන්න ආව පුද්ගලයෙක්. මම හැම වෙලාවෙම කරන්නෙ නිවැරදි දෙයයි. අද වැරුද්ද ඔප්පු වෙලා තියෙනවා. මේ ස්කෑනින් යන්ත්‍ර‍ ව්‍යාපෘතිය පසුගිය යහපාලන ආණ්ඩුවෙන් පරම්පරා ගාණක් ඩොලර් ලැබෙන විදිහට හදා ගත්ත ව්‍යාපෘතියක්. මට ආරංචි විදිහට ස්කෑනින් යන්ත්‍ර‍ මිලදී ගැනීමට රුපියල් ලක්ෂ 30,000ක් මුදල් ලබා දීලා තිබෙන්නෙත් මහ බැංකුවෙන්. පිටරටින් මේකට සල්ලි දීලා නෑ. වරායට බාධාවක් තදබදයක් නොවන විදිහට වරායට නියමිත ආදායමක් එන විදිහට මේ ස්කෑනින් කරන්න ඕනෙ. ඒ වගේම තද බදයක් ඇති නොවෙන විදිහට මේ විධිමත්ව ස්කෑන් පරීක්ෂාව සිදු කරන්නෙ කොහොමද කියලා හොයා බලන්න කියලා මම වරායේ බලධාරීන්ට දැනුම් දුන්නා.

එක කන්ටේනරයක් පරික්ෂාවට ඇ. ඩොලර් 12ක් අය කරනවා. ඒකෙන් ඩොලර් 02ක් රේගුවටයි. වරායට අවම වශයෙන් බදු මුදලවත් ගෙවලා නැහැ. ඉතිරි ඩොලර් දහයෙනුත් ඩොලර් 04ක් දේශපාලඥයෙකුට යනවා කියලා තමයි වාර්තා වෙන්නෙ. මේකෙන් වරායට සත පහක ආදායමක් ලැබෙන්නේ නෑ. මම මේ පිළිබඳව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට පැමිණිලි කෙරුවා. මේ ගණුදෙනුව පිටිපස සිටින සමාගම් ගැනත් පුද්ගලයන් ගැනත් අපි සොයා බැලිය යුතුයි” යැයි ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments