Saturday, April 13, 2024
HomeLocalශ්‍රී ලංකාවේ වර්ධනයන් සමීපව නිරීක්ෂණය කරන බව ජගත් මහලේකම් කියයි

ශ්‍රී ලංකාවේ වර්ධනයන් සමීපව නිරීක්ෂණය කරන බව ජගත් මහලේකම් කියයි

ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය පිළිබඳ සමීපව නිරීක්ෂණය කරමින් සිටින බවත් ශ්‍රී ලංකාවට උපකාර කිරීමට ජගත් සංවිධානය සූදානමින් සිටින බවත් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් අන්තෝනියෝ ගුටේරස් මහතා පවසයි.
ඔහුගේ නියෝජ්‍ය ප්‍රකාශක ෆර්හාන් හක් මහතා සඳහන් කළේ මහලේකම්වරයා ශ්‍රී ලංකාවේ වර්ධනයන් සමීපව නිරීක්ෂණය කරමින් සිටීන බවයි.
මහලේකම්වරයා ශ්‍රී ලාංකීය ජනතාව සමඟ සහයෝගීතාවයෙන් සිටින අතර රජය සුමට සංක්‍රාන්තියක් සහතික කිරීම සහ ආර්ථික අර්බුදයට තිරසාර විසඳුම් සෙවීම සඳහා සංවාදයක නිරත වන ලෙස සියලුම පාර්ශවකරුවන්ගෙන් ඉල්ලා සිටී.
එමෙන්ම සියලු පාර්ශවකරුවන් සාකච්ඡා මාර්ගයෙන් ගැටලු විසඳ ගත යුතු බවත්, වෙනත් පාර්ශවයකට බලය පැවරීමේ දී සාමකාමී අයුරින් මෙම කටයුතු සිදුවිය යුතු බවත් ජගත් සංවිධානය පවසයි.
සෑම ප්‍රචණ්ඩ ක්‍රියාවක්ම මහලේකම්වරයා හෙළා දකින අතර සාමය පවත්වාගෙන යාමේ ප්‍රධාන වැදගත්කම අවධාරණය කරමින් වගකිවයුත්තන්ට වගකිව යුතු යැයි ඉල්ලා සිටී.
RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments