Friday, March 29, 2024
HomeLocalසමන්තා පවර් දෙදින නිල සංචාරයක් සදහා දිවයිනට

සමන්තා පවර් දෙදින නිල සංචාරයක් සදහා දිවයිනට

ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතයේ (USAID) පරිපාලක,  සමන්තා පවර් මහත්මිය දෙදින නිල සංචාරයක් සඳහා සති අන්තයේ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති කාර්යාලය ප්‍රකාශ කළේය.
පවතින ආර්ථික අර්බුදය පිළිබඳව සාකච්ඡා කිරීම සහ අමෙරිකාව සහ ශ්‍රී ලංකාව අතර සංවර්ධන හවුල්කාරිත්වය ශක්තිමත් කිරීම ඇයගේ මෙම සංචාරයේ අරමුණ යි.
සමන්තා පවර් මහත්මිය මීට පෙර 2015 වසරේ මංගල සමරවීර මහතා විදේශ අමාත්‍යවරයාව සිටියදී ද ශ්‍රී ලංකාවට පැමිණියාය.
RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments