පාසල් ශිෂ්‍යාවන් දෙදෙනෙකු සමග නල්ලතන්නිය නගරයේ නවාතැන්පලක නවාතැන් ගෙන සිටි බාහිර පන්ති ගුරුවරයෙකු පසුගිය (03) දින රාත්‍රී සැකපිට අත්අඩංගුවට ගත්බව නල්ලතන්නිය පොලිසිය පැවසීය.

වත්තේගම පන්නිල ප්‍රදේශයේ පදිංචි සැකකාර බාහිර පන්ති ගුරුවරයා වයස අවුරුදු 16 හැවිරිදි පාසල් ශිෂ්‍යාවන් දෙදෙනෙකුද සමග පසුගිය (03) දින රාත්‍රී ශ්‍රීපාද වන්දනාවේ පැමිණ නල්ලතන්නියේ සිට ශ්‍රී පාද වන්දනාවේ මඳදුරක් ගොස් තමන්ට යාමට නොහැකි බව පවසමින් එම පාසල් ශිෂ්‍යාවන් දෙදෙනා සමග නල්ලතන්නිය නගරයට ආපසු පැමිණ නල්ලත්නිය පොලිසිය ඉදිරිපිට පිහිටි නවාතැන්පොලකට ගොස් පියා සහ දියණියන් දෙදෙනා වශයෙන් එම නවාතැන්පලේ කලමණාකරුට පවසා කාමරයක් කුලී පදනම මත ලබාගෙන ඇත.

ඔවුන් තිදෙනාම එම නවාතැන් පොලේ කාමරයේ රැඳී සිටියදි පොලිසිය වෙත ලද තොරතුරක් මත සැකකාර බාහිර පන්ති ගුරුවරයා අත්අඩංගුවට ගත් බව නල්ලතන්නිය පොලිසිය පැවසීය.

අවුරුදු 45 පමණ වයසැති සැකකාර බාහිර පන්ති ගුරුවරයා විවාහක අයෙකු බවත්, පාසල් ශිෂ්‍යාවන් දෙදෙනාද තවත් ශීෂ්‍යාවන් පිරිසක් සමග ශ්‍රී පාද වන්දනාවේ යන බව පවසා නිවසින් පසුගිය (03) දින උදෑසන පිටවී ඇත.

සැකකාර බාහිර පන්ති ගුරුවරයා ආගමික කටයුතු වල නියැලෙන අයෙකු බවත්, මීට ප්‍රථමද මෙම ශිෂ්‍යාවන් දෙදෙනා රැගෙන මෙම බාහිර පන්ති ගුරුවරයා සීගිරිය නැරඹීමට ගොස් ඇති බව නල්ලතන්නිය පොලිසිය විසින් කරන ලද මූලික පරික්ෂණ වලදී අනාවරණය වී ඇත.

බාහිර පන්ති ගුරුවරයා වත්තේගම පන්නිල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවත්, ඔහු කාලයක් තිස්සේ ඉංග්‍රීසි උගන්වන බාහිර පන්ති ගුරුවරයෙකු වශයෙන් කටයුතු කරමින් සිටින අයෙකු බව පොලිසිය පැවසීය.

නල්ලතන්නිය පොලිසිය භාරයේ සිටින ශිෂ්‍යාවන් දෙදෙනා මෙවර අපොස සාපෙල විභාගයට පෙනීසිටි ශිෂ්‍යාවන් දෙදෙනෙකු බවත්, එම සිසුවියන් දෙදෙනා දික්ඔය මූලික රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කර වෛද්‍ය වාර්තාවක් ගැනීමෙන් පසු එම සිසුවියන් දෙදෙනා දෙමව්පියන් වෙත බාරදී සැකකාර බාහිර පන්ති ගුරුවරයා හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බව නල්ලතන්නිය පොලිසිය පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here