ශ්‍රී ලංකාවේ දකුණු මුහුදු කලාපය ආශ්‍රිතව ගැවසෙන සීල් සත්වයාගේ ආරක්ෂාව සඳහා කණ්ඩායම් හතරක් යොදවා සිටන බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

පැරණි හම ඉවත්වී නව හමක් ඇතිවෙමින් තිබෙන නිසා එම සත්වයාට නිදහස අවශ්‍ය බවත්, මේ නිසා සත්වයා ආසන්නයට නොයන ලෙසත් සියලු දෙනාගෙන් ඉල්ලා සිටී.

සීල් සත්වයා ලංකාවේ මුහුදු සීමාව තුළ සිටින තාක්කල් එම සත්වයාගේ ආරක්ෂාව වෙනුවෙන් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ වැටලීම් අංශ නිලධාරීන් ම් හා සෞඛ්‍ය අංශ නිලධාරීන් බස්නාහිර වනජීවී කලාපයේ නිලධාරීන් වෙරළාරක්ෂක නිලධාරීන් යොදවා සිටින බවද එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here