සෝමාලියාවෙි සිවිල් යුද්ධය නතර කිරීමට ඡීවිත පරිත්‍යාගයෙන් වැඩ කල පවුලකට අයත් අල්මාස් එල්මාන් ( Almas Elman ) නොවැමිබර් 21 වැනි දින මොගඩිෂු අධි ආරක්ෂිත ගුවන් තොටුපල පරිශ්‍රෙය්දී වෙඩි තබා ඝාතණය කරනු ලැබීය.

ගුවන් තොටුපල පරශ්‍රය විවිධ තානාපති කාර්යාලද හමුදා කදවුරැ වලින්ද වටවු ස්ථානයකි. අල්මාස් කැනේඩියානු හා සෝමාලියානු ද්විත්ව පුරවැසියෙකි.
ඇගේ පියා වන එල්මන් අලි අහමඩ් ද මෙි ආකාරයටම මොගඩිෂු අගනුවර වෙඩි තබා ඝාතණය කර තිබිණි.

රටේ සිවිල් යුද්ධය නරක අතට හැරෙද්දී අහමඩ්ගේ බිරිඳ අල්මාස් එල්මාන් හා ඇගේ සොහෝයුරියන්ද කැටුව කැනඩාවට පලා ගියහ. ඔහු එනමි ඇගේ පියා සෝමාලියාවේ නැවතී සිටි අතර 1996 දී මොගඩිෂු හි නාඳුනන තුවක්කුකරුවන් විසින් ඔහුව ඝාතණය කරන ලදී.

ඇය මෙවර පැමිණියේ 1990 දී ඇගේ පියා වන එල්මන් අලි අහමඩ් විසින් ආරම්භ කරන ලද එල්මන් සාම මධ්‍යස්ථානය සඳහා රැස්වීමකට සහභාගී වීමට යැයි විශ්වාස කෙරේ.ප්‍රචණ්ඩත්වය අවසන් කිරීම සඳහා සාම මධ්‍යස්ථානය පවත්වාගෙන යාම සඳහා පවුලේ සෙසු සාමාජිකයන් මෑත වසරවලදී සෝමාලියාවට පැමිණ ඇත.සෝමාලියානු හමුදා ආරංචි මාර්ග පවසන්‍‍නේ එය අහමිබෙන් මුදා හල නිදැල්ලේ ගිය වෙඩි උන්ඩයක් බවයි.

එහෙත් ඇගේ ඥාතීන් පවසන්නේ ලාමක කතා නොකියා විධිමත් පරීක්ෂනයක් සිදුකරන ලෙසයි. මක්නිසාද ඇය මිිය යන අවස්ථාවෙි ගැබිණියකි.රට නැවත ගොඩනැඟීමට උදව් කරමින් සිටියදී ඝාතණයට ලක්වූ සෝමාලියානු ඩයස්පෝරාවේ නවතම සාමාජිකයා අල්මාස් එල්මන් ය.

ඔනෑම රටක් භීෂණය හා ප්‍රචන්ඩත්වය වපුරවන කොල්ලකරුවන්ගේ නිවහනක් වු විට එයට එරෙහිව සමස්ත. ජාතිය පොළඹවන හා ක්‍රියාකාරීව වෙහෙස මහන්සි වී වැඩ කරන ඕනෑම අයෙකුට එකී අසාර්ථක ක්‍රමයේ වාසිය ලබා ගන්නා යුද නායකයින් සහ වෙනත් කණ්ඩායම් විසින් මරා දමනු ලැබේ.

අන්තර්ජාලය ඇසුරෙනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here