හංවැල්ලේ ගැටුමකින් තිදෙනෙකු තුවාල ලබා තවත් තිදෙනෙකු අත්අඩංගුවට

Read Time:1 Minute, 44 Second

හංවැල්ල පරණ පාරේ ඉන්ධන පිරවුම් හලක් තුළදී එහි සේවයන් තවත් පිරිසක් සමඟ ඊයේ (11) ඇති වූ ගැටුමකින්  පුද්ගලයින් තිදෙනෙකු තුවාල ලබා  තවත් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව හංවැල්ල පොලිසිය පවසයි.

ත්‍රී රෝද රථයකට ඉන්ධන ලබා ගැනීම සඳහා පැමිණ ඉතිරි මුදල් ගැනීමට අමතකව ගොස් යළි පැමිණ ඒ පිළිබඳ විමසීමේදී මෙම ගැටුම හට ගෙන ඇති බව පොලිසිය පැවසීය.

අමතකව ගිය ඉතිරි මුදල් විමසා ඇති අතර එම අවස්ථාවේදී එහි සේවකයන් හා ඔවුන් අතර සිදුවූ බහින් බස් වීම ගුටි බැට හුවමාරුවක් දක්වා දුරදිග ගොස් ඇති අතර ත්‍රී රෝද රථයේ පැමිණි පුද්ගලයින් දුරකතන ඇමතුමක් ලබාදීමෙන් පසු  තවත් පුද්ගලයන් සිව් දෙනෙකු යතුරු පැදි දෙකකින් එම ස්ථානයට පැමිණීමත් සමඟ ගැටුම දුරදිග ගොස් ඇතැයි පොලිසිය පැවසීය.

තුවාල ලද ඉන්ධන හලේ සේවකයා සාලාව රෝහලේ ප්‍රතිකාර ලබන අතර අනෙක් පාර්ශවයේ පුද්ගලයන් දෙදෙනෙකු හෝමාගම රෝහලේ ප්‍රතිකාර ලබන බවත් පොලිස් නිලධාරියෙකු පැවසීය.ඔවුන් පැමිණි ත්‍රී රෝද රථය හා යතුරු පැදිය ද අත්අඩංගුවට ගෙන ඇත.

ගැටුමට සම්බන්ධ තවත් පුද්ගලයින් කිහිපදෙනෙකු ද අත් අඩංගුවට ගැනීමට කටයුතු යොදා ඇතැයි පොලිස් වැඩිදුරටත් පැවසීය.

About Post Author

htwsithum

Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleepy
Sleepy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Previous post අර්ධ සුඛෝපභෝගී බස් ගාස්තු සාමාන්‍ය ගාස්තු දක්වා අඩු කිරීමට රජයේ අවධානය
Next post චීනයේ ශීන් ජියංහි ත්‍රස්ත මර්දන වැඩපිළිවෙළ පිළිබඳ වීඩියෝවක්