තංගල්ලේදී දෙදෙනෙකු පැහැරගෙන ගොස් පහරදුන් 4ක් අත්අඩංගුවට

Read Time:1 Minute, 7 Second

තරුණයන් දෙදෙනෙකු තංගල්ල නගරයේදී පැහැරගෙනගොස් පහරදුන් බවට සැකපිට පුද්ගලයන් සිව්දෙනකු අද(16) අත්අඩංගුවට ගත් බව තංගල්ල මූලස්ථාන පොලිසිය පවසයි.

අත්අඩංගුවට පත්ව ඇත්තේ තංගල්ල මැඩිල්ල සහ මැදකැටිය ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 20ත් 25ත් අතර පසුවන දෙදෙනෙකි.තරුණියකට අතවර කිරීමට උත්සහ කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මෙම පැහැරගැනීම සිදුව ඇතැයි පොලිසිය කියයි.
තංගල්ල නගරයේදී පසුගිය 13වන දින ත්‍රිරෝද රථයකින් පැමිණ18 සහ 21 හැවිරිදි තරුණයන් දෙදෙනකු පැහැරගෙන ගෙන ගොස් පහරදුන් බවට සැකපිට මොවුන් අත්අඩංගුවට ගෙන තිබිණි.

පහරකෑමෙන් තුවාල ලැබූ තරුණයන් දෙදෙනා මේ වන විට තංගල්ල මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බවද පොලිසිය කියයි.

About Post Author

htwsithum

Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleepy
Sleepy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Previous post වරායේ ස්කෑනින් ගැටලුවට ජොන්ස්ටන්ගෙන් ප්‍රතිචාර
Next post ප්‍රදේශ කිහිපයකට හෙට පැය 24ක ජල කප්පාදුවක්