අනාරක්ෂිත ලෙස බොරැල්ල බස් රථගාලක වාහන තුනක ගබඩා කර තිබූ රුපියල් ලක්ෂ පහකට ආසන්න වටිනා ඩීසල් තොගයක්  සිය බාරයට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි.

කැබ් රථ දෙකක සහ කුඩා ලොරියක ඩීසල් ලීටර් 540ක් තිබී පොලිසිය මෙලෙස සොයාගෙන ඇත. එම ඩීසල් තොගය බහා තිබූ ප්ලාස්ටික් බූලි, හෝස් බට ආදියද පොලිසිය බාරයට ගෙන ඇත.

වැටලීම සිදුකරන අවස්ථාවේදී සැකකරුවන් පලාගොස් තිබූ බව පොලිසිය පවසයි. ඩීසල් තොගය හා උපකරණ වැඩිදුර විමර්ශන සඳහා බොරැල්ල පොලිසියට බාර දී ඇත.

රජයේ පෞද්ගලික ආයතනවල වාහනවලින් සොරාගෙන අඩු මුදලට අලෙවි කිරීම සඳහා ඩීසල් මෙම වාහනවල ගඩබා කර තබන්නට ඇතැයි පොලිසිය පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here