Home Other අධික වර්ෂා තත්වය හේතුවෙන් රිවස්ටන් මාර්ගය අවධානම්

අධික වර්ෂා තත්වය හේතුවෙන් රිවස්ටන් මාර්ගය අවධානම්

0
412

මාතලේ රිවස්ටන් මාර්ගය පවතින වැසි සහිත  කාලගුණය හේතුවෙන් භාවිත නොකරන ලෙසට රත්තොට පොලිසිය මහජනතාව දැනුම් දෙයි .

අධික වර්ෂා තත්වය හේතුවෙන් කණ්ඩි කඩා වැටීමේ අවධානමක් පවතින අතර මේ හේතුවෙන් ගමනාගමනයට බාධා සිදුවිය හැකි බව පොලීසිය පවසයි.

රත්තොට ප්‍රාදේශීය ලේකම් නිශාන්ත දිනිප්‍රිය හේරත් මහතා සඳහන් කළේ මේ පිළිබඳව රත්තොට පොලිසිය හා එක්ව ජනතාව දැනුවත් කිරීමට කටයුතු කර ඇති බවයි.වර්ෂා තත්වය පහව යනතෙක් රිවස්ටන් ප්‍රදේශයේ සංචාරය නොකරන ලෙස ද  පොලීසිය දැනුම් දෙයි.

NO COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here