”නත්තල් දින දේව මෙහෙයන් වෙනුවෙන් ආරක්ෂාව ලබාදෙන්න”

Read Time:2 Minute, 31 Second

නත්තල් දින  පැවැත්වෙන දේව මෙහෙයන් වෙනුවෙන් සෑම දේවස්ථානයකටම ආරක්ෂාව ලබා දෙන ලෙස රජයෙන් ඉල්ලා සිටි බව මැල්කම් කාදිනල් රංජිත්  අගරදගුරුතුමෝ ඊයේ (19) පැවසූහ.අගරදගුරුතුමෝ මේ බව සඳහන් කළේ  කොළඹ අගරදගුරු නිල නිවසේ පැවති මාධ්‍ය හමුවකදීය.

යම් කිසි ප්‍රහාරයක් නැවත එල්ල කිරීමට උත්සහයක් දැරීමට  ඉඩ ඇති බවට ඇති ප්‍රවණතාව අනුව නත්තල් දිනට අමතර  ආරක්ෂාවක් ලබා දෙන ලෙස රජයෙන් හා ආරක්ෂක අංශ වලින්   ඉල්ලීම් කර ඇති අතර ආරක්ෂාව සම්බන්ධයෙන් පසුගිය කාලයේ යම් යම් තොරතුරු ලැබී ඇති බවත් ඒ හේතුවෙන් ජනතාව ආරක්ෂා කර ගැනීම සඳහා මෙලෙස අමතර ආරක්ෂාවක් ඉල්ලා සිටි බවත් අවශ්‍ය ආරක්ෂාව ලබා දෙන බවත් රජයෙන් පොරොන්දු වූ බව අගරදගුරුතුමෝ සඳහන් කළේය.

අප්‍රේල් 21 වැනි දින එල්ල වූ ප්‍රහාරය හා ප්‍රහාරයෙන් මියගිය තුවාල ලබා  තවමත් ප්‍රතිකාර ලබන පිරිස මෙනෙහි කරමින් මෙවර නත්තල් උත්සවය ප්‍රීතියෙන් සැහැල්ලුවෙන් හා ආධ්‍යාත්මිකව ගත කරන ලෙස සියලු  කිතුනුවන්ගෙන් ඉල්ලා සිටින බවද අගරදගුරුතුමෝ  කියා සිටියහ.

මෙම වසරේ නත්තල් උත්සවය වෙනුවෙන්  මත්පැන්  අලෙවිසැල් විවෘත කිරීමට රජය තීරණය කර ඇති බවට තොරතුරු ලැබී ඇති බවත් එම තීරණය සම්බන්ධයෙන් තමන් කණගාටු වන බවත් අගරදගුරුතුමෝ කියා සිටියහ.

නත්තල් උත්සව දින මත්පැන් හල්  විවෘත කර තැබීමට සුරාබදු දෙපාර්තමේන්තුව ගත්  තීරණය ප්‍රශ්නයක් බවත් වෙනත් වසර මෙන් නත්තල් දින මත්පැන් හල් වසා දැමීම ගත් තීරණය මේ වසරේද ක්‍රියාත්මක කරන ලෙසට ඉල්ලා සිටින බවද කාදිනල්තුමෝ කියා සිටියහ.

පාස්කු ප්‍රහාර පසුබිම තුළ මත්පැන් පානය කළහොත් එම සිද්ධිය අමතක වේවී යැයි යන මතය අනුව මෙම තීරණ  ගත්තේ ද යන්න සුරාබදු දෙපාර්තමේන්තුවෙන් විමසන බවද  අගරදගුරු හිමිපාණෝ වැඩිදුරටත්  සඳහන් කළහ.

About Post Author

Staff writer

Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleepy
Sleepy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Previous post කඩා වැටුණු පස් කන්ද ඉවත් කර උඩරට දුම්රිය ධාවනය යථා තත්වයට
Next post නාවික හමුදාව සහන කණ්ඩායම් ස්ථාපිත කරයි