ඔරුවකින් මගුරු ගඟ හරහා යමින් සිටි තරුණ අඹු සැමි යුවළක් අද(23) ඔරුව පෙරළී අතුරුදන්ව ඇතැයි බුලත්සිංහල පොලිසිය පවසයි.

මෙසේ අතුරුදන්ව ඇත්තේ බදුරලිය, මෝල්කාව පදිංචිව සිටි, බුලත්සිංහල ඇඟලුම් කර්මාන්ත ශාලාවක සේවය කරන 21 හැවිරිදි එරන්දිකා සහ එම්. ඩී. ලයනල් නමැති 20 හැවිරිදි අඹුසැමි යුවළකි.

මොවුන් තවත් පුද්ගලයන් හත්දෙනෙකු සමඟ බුලත්සිංහල ඉහළ වෙල්ගම ප්‍රදේශයේ පැවති සංගීත සංදර්ශනයක් නැරඹීමට ගොස් යළි නිවස කරා යමින් සිටියදී මෙම අනතුර සිදුව ඇතැයි පොලිසිය පවසයි. ගඟ මැදදි සැඬ පහරකට හසුවී ඔරුව පෙරළී ඇතැයිද පොලිසිය පවසයි.

අතුරුදන් වූ අඹුසැමි යුවළ සොයා තවදුරටත් විමර්ශන පවත්වන බව බුලත්සිංහල පොලිසිය පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here