හෙට කැළණි පාලම අසල මාර්ගයේ විශේෂ රථවාහන සැලැස්මක්

Read Time:1 Minute, 47 Second

ඉදිකිරීම් කටයුතු නිසා පෙරහුරුවක් ලෙස හෙට, කැළණි පාලම අසල මාර්ගයේ රථවාහන

කැළණි පාලම අබියස මහනුවර සිට කොළඹට රථවාහන ඇතුළුවන මංතීරු දෙකෙන් එකක ඉදිකිරීම් කටයුතු නිසා හෙට (17) දින පෙ.ව 06.00 සිට රථ වාහන ඇතුළුවීම එක් මංතීරුවටකට පමණක් තාවකාලිකව සීමාකරන බව මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් පවසයි.

හෙට දින මෙම මංතීරුවේ රථවාහන ඇතුළුවීම සීමා කර තැබෙන්නේ ශ්‍රී ලංකා පොලිසිය සමග එක්ව සිදුකරන රථවාහන ධාවන සැලැස්ම පිළිබඳව පෙරහුරුවක් ලෙසින් වන අතර එහි අඩුපාඩු සොයා බැලීමෙන් අනතුරුව ජනතාව අපහසුතාවයට පත්නොවන ආකාරයට 2019.12.19 දින සිට 2020.01.21 දක්වා ඉදිකිරීම් කටයුතු වෙනුවෙන් මෙම එක් මංතීරුවකට රථවාහන ඇතුළු කිරීම සීමා කෙරෙනු ඇත.

මෙහිදී රථවාහන තදබදය අවම කරගැනීම සදහා 2019 දෙසැම්බර් 17 දින සිට කොළඹ – කටුනායක අධිවේගී මාර්ගයේ පෑලියගොඩ අන්තර් හුවමාරුවෙන් සැහැල්ලු වාහන සහ බස්‍ රථ පමණක් කොළඹ දෙසට පැමිණීම සදහා විකල්ප මාර්ගයක් ලෙස භාවිතා කළහැකි අතර කන්ටේනර් හා ලොරි රථ සඳහා විකල්ප මාර්ගයක් ලෙස කොළඹ – මීගමුව ( A03) මාර්ගය භාවිතා කළ හැකි බව මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් පවසයි.

About Post Author

htwsithum

Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleepy
Sleepy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Previous post ස්විස් නිලධාරිනිය අත්අඩංගුවට ගන්නැයි නීතිපතිගෙන් උපදෙස්
Next post ස්විස් තානාපති සේවිකාව ලබන 30 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරයට